චීන ජනාධිපතිගේ නියෝජිතයා අද මෙරට ජනපති හමුවෙයි



චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත එරට සහකාර විදේශ අමාත්‍ය ලියු ජියාන්චෝවු මහතා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව තිබේ.

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ලියු ජියාන්චෝවු මහතා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.


චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ඊයේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ සාකච්ඡාවක නිරතවිය.


එහිදි නව රජයට චීන ජනාධිපතිවරයාගේ සුභපැතුම් එක්කර ඇති අතර දෙරට අතර මිත්‍රත්වය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දෙපාර්ශවය අතර සාකච්ඡා වී තිබේ.


මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය සංචාරයෙන් පසු ලබන මාසයේදී චීනයේ සංචාරය කිරිමට නියමිතය.


එම කටයුතු සංවිධානය කිරිම සඳහා චීන රජයේ ආරාධනයකට අනුව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මේ මස අගදී චීනයේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියි.



Post a Comment