රේගුව අද සිට පැය 24ම වැඩ අරඹයි

රේගු දෙපාර්තමේන්තුවේ නිශ්කාශන කටයුතු අද(01) දිනයේ සිට පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශය විසින් ලබාදුන් උපදෙස්වලට අනුව මෙම පියවර ගෙන ඇති බවයි.


ඒ අනුව අද දිනයේ සිට රේගුවට පැමිණෙන භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා පැය 24 පුරා අවස්ථාව හිමිවන බව ලෙස්ලි ගාමිණි මහතා පවසයි.


පාරිභෝගිකයින්ට ඉතා ඉක්මනින් තම භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීමට අවස්ථාව ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් මෙම පියවර ගෙන තිබේ.



Post a Comment