යතුරු පැදිය වෑන් රථයේ ගැ‍ටී 1ක් මරුට

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉඳුරුව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය වු යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.


අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු කළුතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.


මියගොස් ඇත්තේ 38 හැවිරිදි කටුකොලිය, ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.


අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment