ලංකා මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයින්ට ප්‍රශ්නලු

මෙරට මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවරයින් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන බව එරට මහජන දුක්ගැනවිලි, නීතිය හා අධිකරණය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

එම කමිටුවේ සභාපති සුදර්ශන් නච්චියප්පන් පවසන්නේ විශේෂයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයින්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් මෙහිදි වැඩි අවධානයක් යොමුකිරීමට බලාපොරොත්තු වන බවයි.


සිය කමිටුවේ සාමාජිකයින් රාමනාදපුරම් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව හමුවී සිදුකළ සාකච්ඡාවලදී අදාළ ගැටලු සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන ඇති බව සඳහන්ය.


ඉන්දීය ධීවරයින්ගේ ගැටලු සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික වශයෙන් විසඳුමක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව නච්චියප්පන් මහතා ඉන්දීය මාධ්‍ය හමුවේ සඳහන් කර තිබේ.



Post a Comment