මුන්දලම, පෙරුම්පතන වැවේ දියනෑමට ගිය වැඩිහිටියෙකු හා ළමුන් දෙදෙනෙකු දියේ ගිළි මියගොස් තිබේ.
අද සවස 4.15ට පමණ මෙම අනතුර සිදුව ඇත.
වයස අවුරුදු 50ක පුද්ගලයෙකු, අවුරුදු 13ක හා 11ක ළමුන් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති අතර ඔවුන් එකම පවුලේ සීයා හා මුණුපුරන් දෙදෙනා බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
මළ සිරුරු මුන්දලම රෝහලට ගෙනැවිත් ඇත.

Post a Comment