මෙරට ලක්ෂ 2ට ඇස් පෙනී‍මේ දුර්වලතා

ලෝක දෘෂ්ටි දිනය අදට (09) යෙදී තිබේ.

ලෝක දෘෂ්ටි දිනයට සමගාමීව මහජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.


අද පෙරවරුවේ විහාර මහදේවී උද්‍යානය අසලින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාගමනක් ද ආරම්භ කිරීමට ද නියමිතය.


මෙරට තුළ ලක්ෂ දෙකක් පමණ ළමා හා වැඩිහිටියන් අන්ධභාවය නිසා පීඩා විඳින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.


ඉන් සියයට 70ක් පමණ ඇසේ සුද නිසා අන්ධ භාවයට පත්ව සිටින බව වාර්තා වේ.


ලෝක ජනගහණයෙන් මිලියන 39ට වැඩි පිරිසක් අන්ධ භාවයෙන් පෙළෙන අතර මිලියන 285ක් පමණ ඇස් පෙනීමේ දුර්වලතා වලින් පීඩා විඳින බව සඳහන්ය.


අන්ධ භාවයට පත් වු සහ ඇස් පෙනීමේ දුර්වලතා වලින් පෙළෙන වැඩි පිරිසක් ජීවත්වනු ලබන්නේ තුන්වන ලෝකයේ රටවල්වල වීම විශේෂත්වයකි.



Post a Comment