මැතිවරණ ඉතිහාසයේ වඩාත්ම සාමකාමී මැතිවරණය මෙම මැතිවරණය බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය මහතා පවසයි.
අද (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
උතුරු නැගෙනහිර ප්‍රදේශයට යුද හමුදා නිලධාරීන් මැතිවරණ රාජකාරියේ යෙදු බවට ඇතැමුන් චෝදනා එල්ල කරන නමුත් යුද හමුදාව එම ක්‍රියාව සිදු නොකළ බව ඔහු එහිදී අවධාරණය කර සිටියේය.
කෙසේ වෙතත් දූපත්වල පැවති ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සඳහා පමණක් නාවික හමුදාව යොදවා ඇති බවත්, එම ඡන්ද පෙට්ටි වල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බවත්, රුවන් වනිගසේකර මහතා සඳහන් කළේය.
ඉදිරි කාලය තුළදී පොලිස් දෙපාර්තමේන්තුවට සහය අවශ්‍ය වුවහොත් සහයෝගය අනිවාර්යයෙන් ලබා දෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරීය මහතා වැඩිදුරටත් එහිදී පැවසුවේය.

Post a Comment