අමෙරිකාවේ හොඳහිත වැඩිවෙයි

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම සඳහා පියවර ගන්නා බව අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය පවසයි.

ඇය පවසන්නේ පසුගිය දා පැවති මැතිවරණයෙන් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී වාතාවරණයක් පවතින බවට තහවුරු වු බවයි.


මෙම තත්ත්වය දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සඳහා මනා පිටුබලයක් වනු ඇති බව ඇය පෙන්වා දෙයි.


අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති උත්සවයක් අමතමින් දකුණු හා මධ්‍යම කලාපය භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.



Post a Comment