ඉදිරියේදී පෙරළියක් කරනවා

නව රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ බලශක්ති ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ඒ අනුව ඉන්ධනවලට සහ විදුලිබලය සඳහා ඉදිරියේ දී නිශ්චිත මිල සූත්‍රයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියයි.


විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද පෙරවරුවේ ඛනිජ තෙල් අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩභාරගැනීමෙන් අනතුරුව මෙම අදහස් පළ කළේය.


එමෙන්ම විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ දූෂණ සහ වංචා නතර කිරීමටත් පසුගිය කාලයේ සිදුවු අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමටත් පියවර ගන්නා බව පාඨලි චම්පික රණවක අමාත්‍යවරයා පැවසීය.


විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ද අද සිය තනතුරේ රාජකාරී ආරම්භ කළේය.



Post a Comment