කටුනායක මත්තල ගුවන් ගමන් නවතියි

කටුනායක සහ මත්තල අතර අභ්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

කටුනායක ගුවන්තොටුපල ප්‍රකාශකයෙකු පැවසුවේ ගුවන් ගමන් අලාභදායක බැවින් මෙම පියවර ගත් බවයි.


ඒඅනුව එළඹෙන සදුදා සිට මෙම ගුවන් ගමන් නතර කර දමනු ඇත.


මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ මුල්‍ය අලාභ ඇති අභ්‍යන්තර ගුවන් ගමන් නවතා දමන ලෙස අදාළ පාර්ශවයන්ට දැනුම් දුන් බවයි.


එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මොස්කවු වැනි අවම කාර්යසාධනයක් පවතින ගමනාන්ත වෙත සිදුකෙරෙන ගුවන් ගමන් සීමා කිරීමටත් පියවර ගන්නා බව සඳහන්වෙයි.



Post a Comment