වඳුරඹ ස්ථානාධිපතිවරයා යළි සේවයේ පිහිටුවයි

ගාල්ල, වඳුරඹ පොලිස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා යළි සේවයේ පිහිටුවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරිම සිදුකර ඇති බවයි.


පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදුන් වඳුරඹ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදිකාවට ගිනි තැබීමේ සිද්ධියෙන් අනතුරුව ඇති වූ වාතාවරණයත් සමග වඳුරඹ පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක පනංගල ලියනගේ කීර්තිසිංහ මහතා සේවයෙන් ඉල්ලා අස්වී තිබුණි.


ඒ අනුව වඳුරඹ නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ පොලිස් නිලධාරියෙකුට අද කොන්ද කෙළින් තියාගෙන වැඩකරන්න බැරි තත්ත්වයක් උදාවී ඇති නිසා නිල ඇඳුම ගලවා තමන් අද ගෙදර ආ බවයි.


කෙසේ හෝ තමන් ගනු ලැබූ මෙම තීරණය පොලිස් දෙපාර්තමේන්තුවේ සෙසු නිලධාරීන්ටද ආදර්ශයක් වනු ඇති බව හෙතෙම එම අවස්ථාවේදී කියා තිබුණි.



Post a Comment