තවත් වාහන 120ක් අතුරුදහන්

ජනාධිපති ලේකම් කාර්යාලය සතු තවත් වාහන 120 ක් පමණ අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ වාහන පිළිබඳ තොරතුරු වෙතොත් පොලිසිය වෙත දැනුම් දෙන ලෙසයි.


එවැනි වාහන ළඟ තබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment