ඉදිරි සති‍‍ය තුළ බස් ගාස්තු අ‍ඩු කරයි

ජනතාවට සහන සැලසීමෙ වැඩපිළිවෙළ යටතේ ඉදිරි සතිය තුළ බස් ගාස්තු පහත දැමීමට පියවර ගන්නා බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් බස් සංගම් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.


ඒ අනුව එම සාකච්ඡා වලින් අනතුරුව ජාතික ගමනාගමන කොමිසන් සභාව විසින් බස් ගාස්තු සංශෝධන කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇත.


පසුගිය 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහත දමීමට රජය පියවර ගන්නා ලදී.


ඒ අනුව 7% ත් 8% ත් අතර ප්‍රමාණයකින් බස් ගාස්තු අඩු කිරීමට හැකියාව පවතින බව බස් සංගම් සඳහන් කළේය.



Post a Comment