රත්නපුර, ප්‍රදේශයේ නිවසක් මංකොල්ලකෑම සම්බන්ධයෙන් හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 17 වන දින රත්නපුර, රක්වාන ප්‍රදේශයේ නිවසක් මංකොල්ල කා තිබුණි.
එහිදී එම නිවසේ තිබූ රුපියල් එක් ලක්ෂ 25000ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ ජංගම දුරකථන තුනක් කොල්ල කා තිබු බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment