අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවල මිල අඩුකිරීම ඉදිරියේ දී සිදුවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ඔහු පවසන්නේ බදු අඩු කිරීම මගින් මෙම සහනය ලබාදීමට අපේක්ෂා කරන බවයි.
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී අවධානය යොමුකරන බව රවී කරුණානායක අමාත්‍යවරයා කියයි.
කොළඹදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ රාජ්‍ය සේවක වැටුප රුපියල් 5000කින් වැඩි කරන බවයි.

Post a Comment