ජාත්‍යන්තර විමර්ශන අවශ්‍ය නෑ - සනත් ජයසූරිය

ශ්‍රී ලංකාවේ අවසන් යුද සමයේදී සිදූ බවට එල්ල වන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනක් අවශ්‍ය නොවන බව හිටපු ක්‍රිකට් නායක හා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අගනුවර වන තිරුවානන්තපූරම් හි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි. 

අද (30) පෙරවරුවේ තිරුවානන්තපූරම් වෙත ගමන් කර ඇති ජයසූරිය නියෝජ්‍ය අමාත්‍යවරයා, තිරුවානන්තපූරම් මාධ්‍ය සංගමය (Thiruvananthapuram Press Club) විසින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරගාවලියක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි. "වාර්තමානයේදී ක්‍රියාත්මක වෙන අපේ ම නීති පද්ධතියක් අපිට තියෙන නිසා ජාත්‍යන්තර විමර්ශනක් අවශ්‍ය වෙන්නෑ. 

අප ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට සේවාවක් සිදුකර ති‍යෙනවා.රට තුළ සමස්ථ ලෙස සංවර්ධනයක් ඇති කිරීමට අවශ්‍ය සියළු දේ කරනවා. දශත තුනක් පුරා යුද්ධයක් තිබුන නිසා බොහෝ දේවල් හරියට නෑ. ඒ දේ කරන්න ලේසි නෑ," යැයි ඔහු මාධ්‍යවේදීන් ට පවසා සිටි බව ඉන්දීය මාධ්‍යවල වැඩිදුරටත් දැක්වේ. "ඕනෑම කෙනෙකුට පරීක්ෂණයක් ඉල්ලා සිටින්න පුළුවන්. 
පසුගියදා කොළඹ පැවති රාජ්‍ය නායක සමුළුවේදී සිදුවුනු දේ ඔබලා දන්නවා ඇතිනේ," යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ. ඉන්දියාව හා පවත්නා සම්බන්ධතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජයසූරිය මහතා පවසා ඇත්තේ දෙරට අතර යම් ගැටළු පැණනැගුනද දෙරට අතර ඉතා යහපත් මිත්‍ර සබඳතාවයක් පවතින බවත්, ඉන්දියාව දීර්ඝකාලීන මිත්‍රයෙකු බවත් ය. 

චීනය විසින් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු වලට, විශේෂයෙන් මහාමාර්ග සංවර්ධන කටයුතු සඳහා එක්ව සිටින බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ. 

(අයි.ඒ.එන්.එස් පුවත් සේවය ඇසුරෙනි)

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment