නිවැරදි බුදුන් උපත වසර 100ක් ආපස්සට

විකිරණ කාබන් පරීක්ෂාවෙන් සිදුහත් කුමරු උපන් කාලය ගැන සිදු කර ඇති පර්යේෂණය අනුව මේතාක් අනුමාන කළ වර්ෂයට වඩා අවුරුදු 100 කට පමණ පෙර බුද්ධ උත්පත්තිය සිදුව ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.

විදෙස් වාර්තා අනුව නේපාලයේ සිදු කළ පුරාවිද්‍යා කැනීම් වලදී මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහිකළ ලූම්බිණි සල්ගස පිහිටි ස්ථානය අනාවරණය කරගෙන තිබෙන අතර බ්‍රිතාන්‍යයේ ඩර්හැම් සරසවියේ පුරාවිද්‍යාව පිළිබඳව මහාචාර්ය රොබට් කොනින්හැම් ප්‍රමුඛ විද්‍යාඥයින් පිරිසක් මේ කැනීම් මෙහෙයවා තිබෙනවා.

ඇති  ඔවුන් පවසන්නේ මෙතෙක් ලොව හමු වූ පැරණිතම බෞද්ධ සිද්ධස්ථානය මෙය බවයි. ක්‍රිස්තු පූර්ව හයවන සියවසට අයත් මෙම විහාරයේ පියස්සක් නොමැති වීමෙන් එය සල් ගස ආවරණය කළ සැකිල්ල ලෙස විද්‍යාඥයින් සැක පහළ කළා. 

ලූම්බිණියේ වර්තමානයේ පිහිටි මායාදේවි විහාරයේ තිබී විහාරගෙයක් වැනි ලී ආකෘතිය ඔස්සේ සිදු කළ කැනීම් වලදී මෙය හමුවී තිබුණා. මහාමායා දේවිය සල් ගසක් අසල සිදුහත් කුමරුට උපත ලබාදීම පිළිබඳ කතා පුවත හා සැසඳීමේදී එම ගස වටා බැඳි ලී ආකෘතිය මෙය බවට පුරා විද්‍යාඥයන් අනුමාන කළා.

එම කතා පුවත සමග මෙය බෙහෙවින් සමාන බවත් සල් ගස වටා බඳින ලද වහළක් රහිත බෝධිඝරයක් වැනි ලී ආකෘතියක් ඇති බවත් ඒ වටා
මායාදේවි විහාරය ඉදිකර ඇති බවටත් සැක පළකරන බවත් කියැවුණා.

බුදුරජාණන් වහන්සේ විසූ බවට සැළකෙන්නේ ක්‍රි.පූ. 623 වන යුගයේ වුවද මෙය සොයාගැනීමත් සමග එය තවදුරටත් අතීතයට දිවයන බව කියැවුණා.

මේ ගැන අදහස් දැක්වූ මහාචාර්ය කොනින්හැම් ලුම්බිණියේ සිදුහත් කුමරු ඉපදුණේ යයි සැලකෙන මායාදේවී  විහාර භූමියේ ගසක් ආවරණය කරමින් ඉදි කර තිබූ ලී සහ ගඩොල් වලින් සැදි  විහාර ආකෘතියක් සොයා ගැනීමට තම පර්යේෂණයේදී හැකි වූ බවද විකිරණශීලී කාබන් සමස්ථානික පර්යේෂණයකට අනුව ක්‍රි.පූ. හයවැනි සියවසට අයත් බවට ස්ථිර වශයෙන්ම තහවුරු කර ගැනීමට හැකි වූ බවද කියා සිටියා. 

මේ පිළිබඳව තමන් පුරාවිද්‍යා පර්යේෂණ පත්‍රිකාවක් පළ කළ බවත පෙරේදා බ්‍රිතාන්‍යයේදී මුල් වරට මාධ්‍ය වෙත අනාවරණය කළ බවත් කියා සිටියා.

විද්‍යාත්මක ලෝකය තුළ බුදුන් වහන්සේගේ ජීවත්ව සිටි කාලය ක්‍රි.පූ 3 - 4 සියවස්වලද නැතිනම් 6 වැනි සියවසේද යන්න පිළිබඳව මතවාද තිබුණ නමුත් ස්ථිරව බෞද්ධ විහාරස්ථාන ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ සිට තිඛෙන බව මෙමගින් අනාවරණය වන බව ඔහු කියනවා.

අප පසුගිය කාලය තිස්සේ නේපාලයට අයත් ලුම්බිණියේ මායාදේවී විහාරයේ කැණීම් කළා. මෙම විහාරය ක්‍රි.පූ 229 දී අශෝක අධිරාජ්‍යයා විසින් කරවන ලද්දක්. එහි මීටර දෙකක් යටින් දැනට  පවතින විහාරයට බොහෝ දුරට සමාන ආකෘතියක් අපට හඳුනා ගත හැකි වුණා. 

එය ගල් සහ ලී වලින් කළ එකක්. අපට පැහැදිලි වුණා මෙම ආකෘතිය විහාරයක බව. ඒ වගේම එය යම් වෘක්ෂයක් ආවරණය කරමින් නිර්මාණය කර ඇති බව. අශෝක අධිරාජ්‍යයා නව මායා දේවී විහාරය ඉදි කර තිබෙන්නේ එම විහාරයට උඩින්.

නේපාල පුරාවිද්‍යාඥයන් විසින් සලකනු ලබන්නේ මායා දේවී විහාරය ලුම්බිණි සල් උයනේ දී මහාමායා දේවීය විසින් සිදුහත් කුමරුන් බිහි කළ ස්ථානය ලෙසයි. මෙම නව සොයා ගැනීම් ආශ්‍රිතව වෘක්ෂයක් තිබිම මගින්ද එය ගැන යම් මතයකට අපට එළැඹිය හැකි වුණා.

මෙම විහාරය බෝධි ඝරයක ලක්ෂණ පෙන්නුම් කරන බවත් පියස්සක් නොමැති විවෘත ආකාරයකට තිබූ බවට සලකුණු පවතින බවත් ඔහු කිව්වා.

මෙම පර්යේෂණය යුනෙස්කෝ සංවිධානයේ සහ ජපාන රජයේ ආධාර මත ක්‍රියාත්මක කරනු ලබන එකක් බවත් සෑම විටෙකම බැතිමතුන්ගෙන් පිරී ඇති මෙම සිද්ධස්ථානයේ කැණීම් සිදු කිරීම මහත් අභියෝගයක් වූ බවත් ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධ මායාදේවි විහාරයේ කැණීම් කළ කොටසේ ඡායාරූප පහතින්. පර්යේෂණය ගැන නැෂනල් ජියොග්‍රැෆික් වීඩියෝව ඊටත් පහතින්






පර්යේෂණය ගැන නැෂනල් ජියොග්‍රැෆික් වීඩියෝව පහතින්

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6135997

Post a Comment