සියඹලාන්ඩුව, කළුඔබ්බය ප්රදේශයේ සිදුවු රිය අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තිබේ.
මොණරාගල දෙස සිට සියඹලාන්ඩුව දෙසට ධාවනය කළ මෝටර් රථයක් රියදුරුට පානය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ සිටි කුඩා දරුවෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ අවුරුදු 01යි මාස 10 ක් පමණ වයසැති කුඩා දරුවෙකු බව සඳහන්ය.
අනතුරෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර ඔවුන් ප්රතිකාර සඳහා සියඹලාන්ඩුව රෝහලට ඇතුළත් කර තිබේ
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය පැදවු කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මොණරාගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post a Comment