මහියන්ගණයේදි පැවති ජනරැළියකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පහත පරිදි අදහස් දැක්විය.
ගොවියන්ට අවශ්‍ය බීජවල ප්‍රමිතිය පිළිබඳව හා ඒවාට ගෙවිය යුතු මිල පිළිබදවත් ආණ්ඩුව කිසිම සැලකිල්ලක් දැක්වූයේ නැත. ගොවියන්ට අවශය බීජ වර්ග පිලිබඳ රජය විසින් පරීක්ෂණ සිදුකර පාලන මිලක් යටතේ ඔවුන්ට ලබා දියයුතුය.
නමුත් රාජපක්ෂ මහතා එසේ සිදුකරන්නේ නැත. ගොවියන්ට ඇති ජල ප්රශ්නය විසදීමට මහවැලි ඇමති ලෙස කටයුතු කිරීමේදී විවිධ යෝජන ඉදිරිපත් කළේය.
රටක් වශයෙන් සංවර්ධන යෝජනා ගෙන ඒමට පෙර කෘෂිකර්මයේ නියැලෙන්නන් සඳහා අවශ්‍ය ජල කළමනාකරනයට අවශ්‍ය වැඩපිලිවෙළක් සැකසිය යුතුයි. නව සමඟි සන්ධාන ආණ්ඩුව මගින් ගොවීයන් ආරක්ෂා කිරිම සඳහා පුර්ණ ප්රතිසංස්කරණයක් ලබාදීම සඳහා අයවැය මගින් වැඩි මුදලක් වෙන් කරනු ලබයි.
විදේශ රටලින් එළවළු පලතුරු ධාන්‍ය වර්ග ගෙන්වනවා වෙනුවට දේශිය ගොවියන්ගෙන් එය වර්ධනය කිරීමට කටයුතු කරයි. රටක් ලෙස දියුණු වීමට ගොවි ආර්ථිකය නගාසිටුවිය යුතුය. එය ජාතික ආර්ථිකයේ වැදගත් කොටසකි. තාක්ෂණික උපදෙස් අනුව ගොවීන්ට ගබඩා පහිසුකම් ලබා දිය යුතුයි.
වකුගඩු රෝගීන් විශාල ප්‍රමාණයක් අදවන විට රටතුළ සිටී. ඒ සඳහා වගකිව යුත්තේ වර්ථමාන රාජපක්ෂ පාලනයයි. බටහිර සමාගම් විසින් ගෙන එන කෘමි නාශක හා විෂ සහිත පොහොර එයට හේතු වි ඇත.
රුපියල් 350 වැනි මුදලකට ලබා දෙන පොහොරවල කිසිම ප්‍රමිතියක් නැත. මෛත්‍රී පාලනයක් තුළදී ප්‍රමිතියෙන් ඉහළ පොහොර එම මිලටම ලබා දීමට කටයුතු කරයි.
Post a Comment