සියළු වෘත්තිකයන්ට ගෞරවයෙන් යුතුව තම වෘත්තීය කර ගෙන යාමට හැකි රටක් ගොඩනගා දෙන ලද්දේ වත්මන් රජය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රත්නපුර දිස්ත්‍රික් වෘත්තීයවේදීන් අමතමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබේ.
එම දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් , ඉංජිනේරුවන් , නීතීඥයින් සහ බැංකු ප්‍රධානීන් ඇතුළු වෘත්තීයවේදීන් පිරිසක් සහ ජනාධිපතිවරයා අතර හමුවක් ඊයේ(03) පස්වරුවේ දී රත්නපුරයේදී පැවැත්වුණි.
රට ගොඩනැගීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළට තම පුර්ණ සහය ලබා දෙන බව එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇති බව ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේය.
සබරගමුව විශ්ව විද්‍යාලයීය උපකුලපති මහාචාර්ය චන්දන උඩවත්ත, මහතා ඇතුළු පිරිසක් විසින් එම හමුව සංවිධානය කර තිබු බව එම මෙහෙයුම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Post a Comment