වෙලේසුදා මන්ත්‍රී කෙනෙක් ගැන වමාරුවා

වෙලේසුදාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස ඔහු සමග මුදල් හා දේපළ හුවමාරු සිදුකර ඇති බවට හෙළි කරගත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, හිටපු පොලිස්පතිවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු හා සැරයන්වරයකුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

අද (22) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.


වෙලේසුදාගේ ප්‍රකාශ මත ඔහු සමග සම්බන්ධකම් පැවැත් වූ බවට සඳහන් වන පුද්ගලයින් හය දෙනකුගෙන් ප්‍රකාශක සටහන් කරගෙන ඇති බවත්, ඒ ප්‍රකාශ අනුව ඉහත පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු හෙළි ව ඇති බවත්, ඒ මහතා පැවසීය.


මෙම පිරිසෙන් උප පොලිස් පරීක්ෂකවරයා හා සැරයන්වරයා දැනට පොලිස් සේවයේ නැතැයි ද අජිත් රෝහණ මහතා කීවේය.


මොවුන් සිදුකළ ප්‍රකාශ ගැන පරීක්ෂණ පවත්වා ඒවා තහවුරු කරගෙන අදාළ පුද්ලයින් අත්අඩංගුවට ගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළේය.


වෙළේ සුදා නැමැත්තා මත්ද්‍රවට ජාවාමට අමතර ත්‍රස්තවාදී ක්‍රියාවලට හා මිනිස් ජාවාම් වලටද සම්බන්ධ බවට තොරතුරු හෙළි වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීමට ද රහස් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සඳහන්ය.



Post a Comment