ලොරියක් ගිනි ගනියි

නාත්තන්ඩිය - මරඳ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ලොරියක් ගිනි ගෙන විනාශ වී ඇති බව මාරවිල පොලීසිය කියයි.

අද (23) වැනිදා අළුයම 1.30 ට පමණ මෙම ගිනි ගැනීම සිදුවී ඇත.


ගින්නෙන් ලොරිය සමපූර්ණයෙන්ම විනාශ වී ඇති බව එහි හිමිකරුවා විසින් පොලීසියට පවසා ඇත.සිදුවී ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නැත.


කිසියම් අයෙකු විසින් මෙම ලොරියට ගිනි තිබ්බාද,එසේත් නැත්නම් ගිනි ගත්තාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.


මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



Post a Comment