ශ්‍රී ලංකාව ථෙරවාදී බුදු දහමේ මධ්‍යස්ථානය බවට පත් කිරීම සඳහා වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එළඹෙන වෙසක් උත්සවය ද නව ක්‍රමවේදයක් යටතේ සංවිධානය කිරිමට පියවර ගන්නා බවයි.
කොළඹ ගංගාරාම විහාරස්ථානයේ මේ වසරේ නවම් මහ පෙරහැර සංවිධාන කටයුතු වෙනුවෙන් ඊයේ පස්වරුවේ පැවති හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
කොළඹ ගංගාරාම විහාරස්ථානයේ නායක හිමියන් වන පුජ්‍ය ගලබොඩ සිරි ඥානීස්වර හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම හමුව පැවැත්වුණි.

Post a Comment