සවුදියේ අබ්දුල්ලා බින් අබ්දුලාසිස් රජු අභාවප්‍රාප්ත වී ඇති අතර ඒ සමග එරට නව රජු ලෙස ඔහුගේ සොහොයුරෙකු වන සල්මාන් කුමරු නව රජු ලෙස නම් කර තිබේ.
මිය යන විට සවුදි රජුගේ වයස අවුරුදු 91කි.
රෝගී තත්ත්වයක් හේතුවෙන් සවුදි රජු මීට සතියකට ඉහතදී රෝහල් ගත කර තිබිණ.
පෙණහළු ආශ්‍රිතව ඇති වූ රෝගී තත්ත්වයක් ඔහුගේ මරණයට හේතුව බව පැවසේ.
අබ්දුල්ලා බින් අබ්දුලාසිස් සවුදියේ රජු ලෙස පත්වූයේ 2005 වසරේදීය.
කෙසේ වෙතත් අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා ඔහු දීර්ඝ කාලයක් පීඩා විඳිමින් සිටියේය.
1924 අගොස්තු මස පළමුවැනිදා උපත ලබා ඇති අබ්දුල්ලා බින් අබ්දුලාසිස් අබ්දුල්ලා පරපුරේ 10 වැනියා ලෙස සැලකෙයි.
භාර්යාවන් 8 දෙනෙකුගේ හා දරුවන් 18 දෙනෙකුට පියා බවට ද පත්වූ හෙතෙම වරක් ලොව බලවත් පුද්ගලයින්ගේ ලැයිස්තුවට ද ඇතුළත් වීමට සමත් විය.

Post a Comment