රඹුක්කන දිසා රෝහලේ කාර්යය මණ්ඩලය අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සේවා වලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
ඊයේ පස්වරුවේ රෝහලට කඩා වැදුණු පිරිසක් එහි කාර්ය මණ්ඩලයට පහර දීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ආණ්ඩුවට සම්බන්ධ කර නොගන්නා ලෙස ඉල්ලමින් රඹුක්කන නගරයේදී ඊයේ දහවල් උද්ඝෝෂණයක් පැවැත්වුණි.
උද්ඝෝෂකයින් විසින් ත්‍රි රෝද රථයක් පෙරළා දැමීම හේතුවෙන් ගැබිණි මව්වරුන් දෙදෙනෙකු සහ 14 හැවිරිදි ළමයෙකු තුවාල ලැබු බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
තුවාල ලැබූවන් රඹුක්කන රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කෑගල්ල රෝහලට මාරු කර යැවීමට රෝහල් කාර්යය මණ්ඩලය ගත් උත්සාහය වැළැක්වීමට පැමිණි පිරිසක් ඔවුන්ට පහර දී ඇත.
එහිදී කාර්යය මණ්ඩලයේ සේවකයින් දෙදෙනකු තුවාල ලැබීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතුවී තිබේ.

Post a Comment