නාරාහෙන්පිට සැහැල්ලු ගුවන් යානයේ නිර්මාතෘවරයාත් මතුවෙයි

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයක ගබඩාවකින් ආරක්ෂක අංශ විසින් සොයා ගත් සැහැල්ලු ගුවන් යානය නිපදවූ කාර්මික ශිල්පියා තමන් බව හලාවත බංගදෙණිය - දෙමටපිටියේ පදිංචි හැම්ලට් මාටිස් මහතා පවසයි.

කොළඹ පිහිටි රේ. විජේවර්ධන මහතාගේ නිවසේදී මෙම ගුවන් යානය නිපදවූ බවත්,එම යානය අඩි 58,000 ක් පමණ ඉහළ හලාවත,කළුතර ආදී ප්‍රදේශ වල අහසේ තමන් පැදවූ බවත් හෙතෙම කියා සිටී.


පුද්ගලික ගුවන් යානා ගුවන් ගත කිරීම රජය විසින් තහනම් කිරීමෙන් පසුව මෙම ගුවන් යානය ගුවන් නියමුවන් පුහුණු කරන ආයතනකට බාර දීමට රේ. විජේවර්ධන මහතාගේ අදහස තිබූ බවත්,අවශ්‍ය කාර්මික දැනුම තමන් සතු වන බැවින් මෙවැනි නිර්මාණ සිදු කිරීමට හැකියාව ඇති බවත්, හැම්ලට් මාටිස් මහතා පවසයි.



Post a Comment