ඇමති විෂය පථය අද හෙටම ගැසට් කරනවා

නව රජයේ අමාත්‍යංශ වල විෂය පථය සම්න්ධයෙන් වු ගැසට් නිවේදනය අද හෝ හෙට දිනයේ නිකුත් කරන බව ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සියලු අමාත්‍යංශ වල විෂය පථයන් සකස් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවයි.


මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව පසුගිය සඳුදා දින නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ලැබුවේය.


ඊට කැබිනට් අමාත්‍යවරු 27 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 09 දෙනෙකු ඇතුළත්ය.


එක් එක් අමාත්‍යංශ වලට අයත් විෂය පථය සහ ආයතන පිළිබඳව මෙතෙක් නිෂ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර, ඒ පිළිබඳ වු ගැසට් නිවේදනය අද හෝ හෙට දිනයේ නිකුත් කරන බව ජනාධිපති ලේකම්වරයා පැවසීය.



Post a Comment