විමල් වීරවංශගේ මස්සිනා අත්අඩංගුවේ

උතුරේ විවිධ සිද්ධීන් සිදුවන බවට අසත්‍ය ප්‍රචාර යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු ඇමති විමල් වීරවංශ මහතාගේ මස්සිනා බව කියන රණසිංහ රන්දූව මුදියන්සේල‍ාගේ අජිත් කුමාර නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නත්තරන්පොත, කුණ්ඩසාලේ පදිංචි ව්‍යාපාරිකයෙකු (55) වන එම පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.


රජය අපහසුතාවට පත් කිරීම සඳහා අසත්‍ය පුවත් ප්‍රචාරය කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.



Post a Comment