හිටපු ජනපති මහින්ද රාජපක්ෂ. හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 12 දෙනකුට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන ලදී.
එසේම මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, කාල්ටන් සුපර් ස්පෝට් ක්ලබ්, හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන, සංචාරක මණ්ඩලයේ සභාපති සේනාංක ගුණරත්න, ශ්‍රී ලංකා වරාය සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කලමනාකාර අධ්‍යක්ෂ රූම් පවුසර්, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සමුද්‍රි යන අයට ද ජවිපෙ පැමිණිලි කර තිබේ.
එම අවස්ථාවට විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති සහ නීතීඥ සුනිල් වටගල මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Post a Comment