පිටකෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විවිධ සේවා සමූපකාරයට අයත් ඉඩමක ගාල් කර තිබූ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බව කියන වාහන 53ක් මිරිහාන පොලිසිය විසින් පරික්ෂා කර තිබේ.
රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නිලධාරීන් විසින් එම සැකකටයුතු වාහන අංගනයට ආරක්ෂාව ලබා දී ඇත.
මිරිහාන පොලීසියට ලැබුණු තොරතුරකට අනූව මෙම පරික්ෂාව කර ඇති අතර එහිදී එහි තිබී වාහන 53ක් සොයාගෙන තිබේ.
එහි ආරක්ෂක නිලධාරීන්ගෙන් කළ විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඒවා බවයි.
සිද්ධිය ගැන මිරිහාන පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

Post a Comment