මී‍ට පස්සේ පාසල්වලට දේශපාලඥයින්ගේ නම් නෑ

මින් ඉදිරියට පුද්ගල නාමයන් පාසල් වල නම් සඳහා භාවිතා නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය රජය විසින් පාසැල් රැසකට දේශපාඥයින්ගේ නම් යොදා ගෙන ඇති බවයි.


එම දේශපාඥයින්ගේ නම් ඉවත් කිරීමට පියවර ගන්නා බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.


ඊට අමතරව පාසල් ළමුන් යොදා ගනිමින් පෙරහැර පැවැත්වීම ද මින් ඉදිරියට සිදු නොකරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය.



Post a Comment