දැදුරු ඔයෙන් අවසන් ගමන් යයි

දැදුරු ඔයේ දිය නෑමට ගිය තරුණයකු හලාවත ප්‍රදේශයේදී දියේ ගිළී මියගොස් තිබේ.

අදාළ තරුණයා අද පෙරවරුවේ සිය ඥාතීන් සමග දැදුරු ඔයේ දියනෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.


මියගොස් ඇත්තේ 25 හැවිරිදි වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Post a Comment