ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන කුමාරසිංහ සිරිසේන මහතා පත්කර තිබේ.
අද (22) උදෑසන පැවති චාම් උත්සවයකදී ඔහු සිය රාජකාරී කටයුතු ආරම්භ කළ අතර ඔහු මීට පෙර රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස සේවය කර ඇත.
කුමාරසිංහ සිරිසේන මහතා රාජ්‍ය දැව සංස්ථාවේ 2006 වසරේ සිට ප්‍රධාන විධායක නිලධාරී සහ සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කර ඇති අතර ඉකුත් ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව ඔහුට සිය තනතුරු අහිමි වී ඇති බවද සඳහන්ය.
කෙසේ වෙතත් කුමාරසිංහ මහතා Land Reclamation & Development Company Ltd and L.R.D.C. Services (Pvt) Ltdහී සමූහ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම අරලිය සමූහ ව්‍යාපාරයේ මූල්‍ය උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

Post a Comment