දේශිය මැණික් කර්මාන්තය රැක ගැනීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිවරයා කියයි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව අමාත්‍යංශ නිලධාරීන් සමග පැවති හමුවකදී මේ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව තුළ මැණික් ගැරීමට කිසිදු විදේශ සමාගමකට හෝ විදේශිකයකුට ඉඩ නොදිය යුතු අතර ඒ සඳහා ඉල්ලීම් ලැබී ඇත්නම් ඒවා ප්‍රතික්ෂේප කරන ලෙස ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.
එමෙන්ම පෙබරවාරි 01 වනදා සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීම සහ ප්‍රවාහනය සම්පුර්ණයෙන්ම නවතා දමන ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ.
දිවයිනේ වැලි ගොඩ දැමීමට සුදුසු සහ නුසුදුසු ප්‍රදේශ මොනවාද යන්න පිළිබඳ සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Post a Comment