ව්‍යාජ ජන්ද පත්‍රිකා 02ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු රක්ෂත බන්ධනාගාර ගත කර තිබේ.
නවගත්තේගම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම ප්‍ර දේශයේම පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකි.
ජන්ද පත්‍රිකා දෙක සැකකරුවන් සතුවුයේ කෙසේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post a Comment