සම්බුද්ධ ශාසනය නගාසිටුවනවා - ජනපති

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජනතාවරමෙන් පත් වු රජයක් ලෙස මාතෘ භූමිය වෙනුවෙන් පැවරී ඇති වගකීම් සහ යුතුකම් ඉටුකිරීමේ දී මහා සංඝ රත්නයේ අවවාද සහ අනුශාසනා නිරන්තරයෙන්ම අපේක්ෂා කරන බවයි.


ඊයේ(17) පස්වරුවේ ඓතිහාසික කැලණිය රජමහා විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු රැස්ව සිටි ජනතාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.


එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සැබවින්ම රට තුළ ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බවයි.


මෙහිදි කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ජනාධිපතිවරයාට පිරිත් දේශනා කර ආශිර්වාද පල කර තිබේ.


කැලණිය පුදබිමේ සංවර්ධන වැඩපිළිවෙලේ දෙවන අදියර කඩිනමින් ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.



Post a Comment