ජනපති දේශපාලනයෙන් සමුගනී - ශ්‍රීලනිප සභාපතිධූරය මෛත්‍රීට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබේ.

ඊයේ රාත්‍රී කථානායක නිල නිවසේ පැවති විශේෂ සාකච්ජාවකදී මෙම එකඟතාව පළ කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේය.


එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය ලබාදීමට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර ඇත.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභාව අද දිනයේ රැස්වී මේ සඳහා අනුමැතිය ලබා ගැනීමට ද තීරණය වී ඇති බව වාර්තා වේ.


මේ අතර තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වන බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.



Post a Comment