ඡන්ද විමසීම සාමකාමියි

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව සිදුවූ බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ මැතිවරණයට බලපෑම් එල්ල විය හැකි කිසිදු සිදුවීමක් ඡන්ද විමසීම සිදු කරන කාලය තුළ නොවූ බවයි.


පශ්චාත් මැතිවරණ සමයේද සියලුම ප්‍රදේශ වලට උපරිම ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.


ජංගම මුර සංචාර ඇතුළු විශේෂ ආරක්ෂක විධි විධාන ඒ සඳහා යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment