පොලීසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට අත්පත්‍රිකා බෙදමින් සිටියදී රාජ්‍ය සේවා කළමනාකාර සහකාර නිලධාරීන්ගේ සංගමයට පොලීසිය විසින් බාධා පමුණුවා ඇති බව එම සංගමය පවසයි.

එම සංගමයේ සභාපති යූ.පලිහඬවන මහතා ඇතුළු පිරිසක් විසින් අත්පත‍්‍රිකා බෙදමින් සිටිය දී කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් පැමිණ අත්පත‍්‍රිකා බෙදීම නවතන ලෙසත්, එසේ නොවුණහොත් අත්අඩංගුවට ගන්නා බවටත් තර්ජනය කළ බව රාජ්‍ය සේවා කළමනාකාර සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිම විමලසුරේන්ද්‍ර නිවේදනය කරයි.


එසේ කරන ලද තර්ජනයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය සහ 14 (1) වගන්තිය උල්ලංඝණය වී ඇති බව විමලසුරේන්ද්‍ර මහතා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සංගමයේ සභාපතිවරයා විසින් මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිලි කළ බවත්, එකී පැමිණිල්ල 2014.12.11 වන දින දහවල් 11.00 විභාගයට ගන්නා බැව් මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවත් එකී නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



Post a Comment