2015 ඡන්ද විමසීම අවසන්වෙයි

2015 ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වී තිබේ.

අද පස්වරු 4 ට ඡන්ද විමසීමේ කටයුතු අවසන් වුණා.


පෙරවරු 7.00 ට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 12, 314 කදී ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා තිබුණි.


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන ජනාධිපතිවරණය මෙය වෙයි.


ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඡන්ද දායකයින් එක් කෝටි 50 ලක්ෂ 44 490 දෙනෙක් සුදුසුකම් ලබා තිබුණි.


කෙසේ වෙතත් මේ වන විට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන කටයුතු සිදුවෙමින් පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කරයි.



Post a Comment