මිනුවන්ගොඩ ගම්පහ ප්‍රධාන මාර්ගයේ මාතම්මන, අස්වාන හන්දිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ගම්පහ සිට මිනුවන්ගොඩ දෙසට ගමන් කළ වෑන් රථයක් මාර්ගයේ ගමන්ගත් පදිකයෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 54 හැවිරිදි මාතම්මන, ගල්කන්ද පාර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Post a Comment