සියලු පාර්ශ්‍රව වලට ස්තූතියි - මෛත්‍රි‍යෙන් කටයුතු කරන්න

සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ ‍කොමසාරිස් මහින්ද ‍දේශප්‍රිය මහතා ඇතුළු මැතිවරණ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ලබා දුන් සහ‍යෝගයට තමා‍ගේ වි‍ශේෂ ස්තුතිය පළ කරන බව ‍මෛත්‍රිපාල සිරි‍සේන මහතා පවසයි.

එ‍සේම ‍පොලිස්පති ඇතුළු ‍‍පොලිස් නිලධාරීන්ටත් ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ත්‍රිවිද හමුදා‍වේ සියලුම නිලධාරීන්ටත් තමා‍ ස්තුතිවන්ත වන බව ඒ මහතා පවසයි.


මැතිවරණ ‍කොමසාරිස් කාර්යාල‍යේ පැවැත්වුණු 7 වන ජනාධිපතිවරණ‍යේ නිල අවසාන ප්‍රතිඵලය දැනුම්දී‍මේ කටයුත්ත අමතමින් ‍හෙ‍තෙම ‍මේ බව සඳහන් ක‍ළේය‍.


එ‍සේම මැතිවරණ ‍‍කොමසාරිස්‍වරයා විසින් නිල ඡනද ප්‍රතිඵල නිකුත් කිරි‍මෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමා විසින් විශේෂ ස්තුතිය පළකරන බවද ‍මෛත්‍රීපාල සිරි‍සේන මහතා එහිදී අවධාරණය ක‍ළේය‍


තවද අවිහිංසා‍වෙන් සහ ‍මෛත්‍රියෙන් කටයුතු කරන ‍ලෙස ර‍ටේ ‍පොදු ජනතාව‍‍ගෙන් තමා ඉල්ලා සිටින බවද ‍මෛත්‍රීපාල සිරි‍සේන මහතා වැඩිදුරටත් ‍පෙන්වා දුන්‍‍නේය.



Post a Comment