අමෙරිකානු ඇපල් වෙළඳපොළෙන් ඉවතට - කන්නේ බලාගෙනයි

අමෙරිකාවෙන් ආනයනය කරන ලද ඇපල් මෙරට වෙළඳපොළෙන් ඉවත් කිරීමේ වැඩ සටහනක් මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංමගයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

ඇමරිකාවෙන් ආනයනය කරන ඇපල් වල මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙන්ම මහජන සෞඛ්‍යට හානි කරන බැක්ටීරියාවක් අඩංගු බවට එරට ආහාර දෙපාර්තමේන්තුව හඳුනා ගැනීම මෙම තත්ත්වයට හේතුව බවද රෝහණ මහතා කියා සිටී.


දැනට අප රටට රටවල් කීපයකින් ඇපල් ආනයනය කරන බවත්, ඒ අනුව මෙරට වෙළඳපොළේ ඇත්තේ කුමන රටකින් ගෙන එන ලද ඇපල්ද යන්න නිශ්චිතවම හඳුනා ගත නොහැකි බැවින් හැකියාවක් ඇත්නම් ඇපල් අනුභව කිරීමෙන් වැළකීම යෝග්‍ය ක්‍රියාවක් බවද ඒ මහතා කියා සිටියේය.


මේ අතර අමෙරිකානු ඇපල් ආහාරය ගැනීමේදී වඩාත් සැලකිලිමත්වන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය ද අවධාරණය කර තිබේ.



Post a Comment