පාර්ලිමේන්තු යනවාද? පළාත් සභාවේ ඉන්නවාද?

තමන් ඉදිරි මැතිවරණයට තරඟ කරන බවත්, තරඟ කර තම පක්ෂයට හයියක් ලබාදෙන බවත් ඌව පළාත් මහඇමති හරීන් ප්‍රනාන්දු මහතා කියයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු යනවාද නැතිනම් පළාත් සභාවේ ඉන්නවාදැයි තීරණය කරන බවද ඒ මහතා අද මහනුවරදී පැවසීය.


දින 100 වැඩසටනින් පසුව තමන් පාර්ලිමේන්තුවට යළි පිවිසීමේ සූදානමකින් පසුවන බව හෙතෙම කීවේය.


පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ඌව පළාත් සභා මැතිවරණයට තරග කිරීමට තමන් ගත් තීරණය එදා බොහෝ දෙනෙකු සමච්චලයට ලක් කළ බවද ඔහු පැවසීය.


එහෙත් යළි පාර්ලිමේන්තුවට පිවිසෙන බවට එදා තමන් කළ ප‍්‍රකාශය අද වන විට යථාර්ථයක් බවට පත් කිරීමට මහඟු අවස්ථාවක් උදා වී ඇති බවද හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.


අද උදෑසන මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඔහු මේ බව කීවේය.



Post a Comment