එන්.ඩී.ටී.වී.රෑපවාහිනි නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී නාමල් රාජප්කෂ මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ.
මෙහිදී එන්.ඩී.ටී.වී. මාධ්‍යවේදියා විමසා ඇත්තේ පවුල් පාලනය හේතුවෙන් මෙවර ජනාධිපතිවරණය පරාජයට පත්වූයේද යන්නයි.
එහිදී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ තමා එම ප්‍රකාශයට විරුද්ධ වන බවයි.
ඕනෑම ජනාධිපතිවරයෙකුට අවශ්‍ය විශ්වාසවන්ත පුද්ගලයෙකු ආරක්ෂක ලේකම්වරයා හැටියට කටයුතු කිරීමටත්, තමාගේ පියා සෑම විටම බුද්ධිමත් තීරණවලට එළඹුණේ අනෙකුත් නායකයින් සමඟද සාකච්ඡා කර බවත්, ඔහු එහිදි ප්‍රකාශ කර තිබේ.
තවද මැතිවරණය දින රාත්‍රියේ සිදු වීමට ගිය කටයුත්තක් සම්බන්ධයෙන් මේ දිනවල කතාබහට ලක්වෙන නමුත් එහි කිසිදු සත්‍යයතාවයක් නොමැති බවත්, ඕනෑම මැතිවරණයෙකදී රජයේ නිලධාරීන් පැමිණෙන බවත්, එය සමාන්‍ය සිදුවීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

Post a Comment