චින රජය විසින් ඩොලර් මිලියන 3ක මුදලක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කර තිබේ.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා මෙම මුදල් පරිත්‍යාග කර ඇති බව වාර්තා වෙයි.
අදාළ මුදල මෙරටට පරිත්‍යාග කරමින් ශ්‍රී ලංකාවේ චීන තනාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී රෙන් ෆකියෑන් පවසා ඇත්තේ චීනය හා ශ්‍රී ලංකාව හොඳ මිතුරන් සේම අසල්වාසීන් බවයි.
චීන රජය ශ්‍රී ලංකා රජයට සහයෝගය ලබ දීමට කැපවී සිටින බව ද ඔහු සඳහන් කර තිබේ.
පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 8 ක් පමණ විපතට පත්වූ අතර 80, 000 කට පමණ නිවාස අහිමි වූ බව ඔහු පවසා ඇත.
මේ අතර පසුගිය දා ආපදා කළමණාකරණ අමාත්‍යවරයා ලෙස වැඩභාර ගනු ලැබු ජෝන් අමරතුංග මහතා පවසා සිටියේ චීන රජය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය පිළිබද තමන් ස්තුතිවන්ත වන බවයි.

Post a Comment