ජනාධිපතිවරණයෙන් පසුව සිදුවන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලීම සහ ඊට අදාළ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අදාළ කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යංශ අතිරේක ලේකම් ඩී.එම්.එස්.ජයරත්න මහත්මිය පත්කර තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම පත්කිරීම සිදුකර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.
ඒ අනුව දිවයිනේ කුමන ප්‍රදේශයක හෝ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව හා ඒ සඳහා අනුබල දෙන පුද්ගලයින් පිළිබද දැනුම් දෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.
0112 335 792, 0112 335 794, 0112 353 795 සහ 0718 345 124 යන දුරකථන අංක වලට සහ 0112 335 797 යන ෆැක්ස් අංකයට එම තොරතුරු ලබාදිය හැකි බව ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දෙයි.

Post a Comment