ඌව පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බළ කරමින් තැපැල් සේවකයින් පිරිසක් අද බදුල්ලේදී උද්ඝෝෂණයක නිරත වී තිබේ.
බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූ බව අද දෙරණ වාර්තාකර සඳහන් කළේය.
ඇල්ල තැපැල් කාර්යාලයේ සේවකයකුට පහර දී රාජකාරීයට බාධා කළේ යැයි ඌව පළාත් මාර්ග සංවර්ධන,නිවාස හා වතු යටිතළ පහසුකම් අමාත්‍ය සේදිල් තොණ්ඩමන් මහතාට චෝදනා එල්ල වී තිබුණි.
මේ අතර ඊයේ දිනයේදී සෙන්දිල් තොණ්ඩමන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය වරෙන්තුක්ද නිකුත් කරන ලදී.

Post a Comment