ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව මේ දක්වා ගත වූ කාලය තුළ මැතිවරණ පැමිණිලි 1185 ක් ලැබී ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
බරපතළ ගණයේ සිදුවීම් වලට අදාළ පැමිණිලි 142 ක් සහ සුළු පැමිණිලි 1043 ක් ලැබී ඇති බව එම කාර්යාලය සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික්කයෙන් බරපතළ ගණයේ සිදුවීම් වලට අදාළ පැමිණිලි වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර එම සංඛ්‍යාව 22ක බව සඳහන්ය.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ද සුළු මැතිවරණ පැමිණිලි 191 ක් ලැබී ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසූවේය.
මීට අමතරව කොළඹ ,පුත්තලම සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක වලින් බරපතළ ගණයේ සිදුවීම් වලට අදාළ පැමිණිලි 11 බැගින් ලැබී ඇති බවයි වාර්තා වෙයි.

Post a Comment