එළඹෙන ජනාධිපතිවරණය වඩාත් සාමකාමී අයුරින් පවත්වනු ඇති බවට අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය යළිත් වරක් අවධාරණය කර තිබේ.
එක්සත් ජාතින්ගේ මහලේකම් බෑන් කී මූන් මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆන් ඩුජාරික් ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ අවධාරණය කර ඇති බව සඳහන්ය.
එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරන්තර අවධානයෙන් පසුවන බවයි.
එලඹෙන ජනාධිපතිවරණය රටතුළ දේශපාලනික ස්ථාවරත්වය සුරක්ෂිත වන පරිදි පැවත්වීමට මෙරට රජය කටයුතු කරනු ඇති බවට එක්සත් ජාතින්ගේ සංවිධානය විශ්වාසය පළ කරන බව එක්සත් ජාතින්ගේ මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.
ලබන 8 වන දා පැවැත් වීමට නියමිත ජනාධිපතිවරණය වඩාත් සාමකාමී අයුරින් සහ විශ්වසනීයත්වයෙන් යුතුව පැවැත්වෙනු ඇති බවට තමා තරයේ අපේක්ෂා කරන බව පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ප්‍රකාශ කර තිබුණි.

Post a Comment